අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා ජනාධිපති සිරිසේන වෙත යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව ගාමිණී විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම් ෆවුසි යන මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කරන ලෙසට ඉල්ලා එම යොජනාව ඉදිරිපත් කර තිබේ.
කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරිමට සහ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවට ප‍්‍රකාශ කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
