මධූෂ් සමග ගනුදෙනු කළ 300 ක් ගැන පොලිස් ඇස !

මධූෂ් සමග ගනුදෙනු කළ 300 ක් ගැන පොලිස් ඇස !

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයන් මධුෂ්ගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ කැළුම් ඉන්දික නමැති පාතාල ප‍්‍රබලයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඞ්පත් 500 කට අධික ප‍්‍රමාණයක් පිළිබඳ විමර්ශන පැවැත්වීමේදීය.

මේ අතර කැළුම් ඉන්දික අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න