Language Switcher

V2025

බැදුම්කර ගනුදෙනුවට අත්අඩංගුවට ගනුලැබූ 5 දෙනා අප්‍රේල් 05 දක්වා රිමාන්ඩ් !

මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගවට ගත් සැකකරුවන් ඊයේ (25දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අනුව බන්ධනාගාර ගතකර ඇති පිරිස වන්නේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හා එහි අධ්‍යක්ෂවරුන් වූ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අයයි.