ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද(26) කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය
මෙහිදී විත්ති පාර්ශවයේ නිතීඥවරුන් පවසා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවට නිගමනය කර යළි නියම කරන දිනයකදී පෙනී සිටින ලෙස දන්වා ඔහුව බැදුම්කරයක් මත මුදා හරින්න ලෙසයි.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 115 - 2 වගන්තිය ප්‍රකාරව නීතිඥවරයා විසින් සිදුකල එම ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන 09 වනදා නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්ය.
නාලක සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 05 ක කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද එම කිසිඳු ප්‍රකාශයක් මේ දක්වා එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී තිබේ.
එම ප්‍රකාශ අධිකරණයට ගෙන්වා සලකා බලන ලෙස ද විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව අද දෙරණ අධීකරණ වාර්තාකරු පැවසීය.

