ඩුබායිහීදී අත්අඩංගුවට ගනුලැබූ පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස නිදහස් කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (26) මෙම පිරිස නිදහස් කට ඇති අතර ඒ අනුව මෙරටට පැමිණි පළමු දෙදෙනා වු හිටපු බන්ධනාගාර නිලධාරීයකු වන ලලිත් පෙරේරා සහ නන්දිමාල් පෙරේරා (ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා ගේ පුතා) මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
එසේම ඉදිරියේ දී දෙදෙනා බැගින් ලංකාවට එවීමට ඩුබායි බලධාරීන් කටයුතු කරනු ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් අප ආරංචි මාර්ග සදහන් කරන්නේ මාකදුරේ මධූෂ් හෝ මෙරට සිට සංචාරයක වීසා නොමැති කිසිවෙකු ලංකාවට පිටුවහල් කරන බවක් ප්‍රකාශ කර නැත. ඒ වෙනුවට ඩුබායි බලධාරීන් සදහන් කර ඇත්තේ එරටින් පිටවන ලෙස පමණි.
එහෙත් මීට පෙර ලංකා පොලිසිය සදහන් කර සිටියේ STF සහ "නාකොටික්" ඩුබායි ආරක්ෂක අංශ සමග සිදුකළ මෙහෙයුමක් හරහා මෙම පිරිස අත්අඩංගුවට ගනුලැබූ බවයි.
ඒ අනුව මේ ගැන පළවූ පුවත්වල සත්‍ය අසත්‍ය තාව ඉදිරියේ දී හෙළිවනු ඇත.

