විදුලි අර්බුදයට හේතුව සිරිසේන පැහැදිලි කරයි !

විදුලි අර්බුදයට හේතුව සිරිසේන පැහැදිලි කරයි !

මතුව තිබෙන විදුලි අර්බුදයට හේතුව විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම බව ජනාධිපති සිරිසේන අද(26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇතිව තිබෙන ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ රටේ මහජනතාව බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූ බව වාර්තා වේ.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් රැස්වීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇත.

ඇමැතිවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරු එම කමිටුවට පත්කරනු ලැබ සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න