ජනාධිපති සිරිසේන සහ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් දියත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගනුලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා එම නඩුවෙන් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රේල් 09 වැනිදා නිකුත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (27) ප්‍රකාශ කළේය.
එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර නාලකද සිල්වා අද අසනීපයෙන් සිටින බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව බන්ධනාගාරය මගින් ලිඛිතව මහෙස්ත්‍රාත්වරයාට දැනුම්දී ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ට ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව චෝදනා නැගූ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති බලකායේ සාමාජිකයකු වූ නාමල් කුමාර ඊට අදාල දුරකථන සංවාද ඇති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලත් එවැන්නක් මෙතෙක් හමුව නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
