යොවුන්පුරය ඇරඹේ: යොවුන්පුරයට සමගාමිව : පැල 2000ක් රෝපණය කෙරේ !

යොවුන්පුරය ඇරඹේ: යොවුන්පුරයට සමගාමිව : පැල 2000ක් රෝපණය කෙරේ !

සවන යොවුන්පුරය අද (27) වීරවිලදී ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්කර ඇත.

ඒ පිලිබඳ අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ එරන්ද වැලිඅන්ගේ සඳහන් කර තරුණ තරුණියන් 8000 ක් පමණ මිට එක්වන බවත් විදේශීය තරුණ කණ්ඩායම්ද මේ සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

තරුණ තරුණියන් උදෙසා අධ්‍යාපනික, නවෝත්පාදන, ව්‍යවසාය ඇතුළු නවීන ලෝකය හා එක්විය හැකි යුගයේ තාරුණ්‍යට අවශ්‍ය ගුණාත්මක වැඩසහන් රැසක් මෙතුල ක්‍රියාත්මක වන අතරම සාමය සහ සංහිදියාව තුලින් ශ්‍රී ලංකික තරුණයක් බිහිකරලනු වස් ධනාත්මක ආකල්ප සංවර්ධනය සඳහාද මෙවර දසවන යොවුන්පුරය තුල වැඩි අවදානයක් යොමුකරන බවයි.

අදින් (27) ඇරඹෙන දසවන යොවුන්පුරය මාර්තු 28, 29, 30 සහ 31 යන දිනවලදී හම්බන්තොට වීරවිල පශු සම්පත් මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. මෙම යොවුන්පුරයට සමගාමීව ජාතික තරුණසේවා සභාවේ, සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලිඅන්ගේ මහතාගේ සංකල්පයක් මත "තාරුණ්‍යයෙන් මව්බිමට" කෘතගුණ සලකනු වස් පැල 2000 ට අධික ප්‍රමාණයක් සිටුවිමටද මෙහිදී කටයුතු කරනු ඇත.

received 1287254474757328

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න