අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අද (27) දිනයේදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කර ගායන ශිල්පි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරිමෙන් පසු අද සවස මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසෙකර මහතා පවසයි.
බන්ධනාගාර නියාමක කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයද තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබේ.
ඩුබායිහි මාකදුරේ මධූෂ් සමඟ සාදයක සිටියදි ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ඔවුන් දෙදෙනා ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 547 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 6.15 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ආගමන , විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ජනප්‍රිය ගායක අමල් පෙරේරා ගේ පුත් නදීමාල් පෙරේරා සමග කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර අයද මෙසේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

