ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අතර හමුවක් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා විසින් අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බව හෙතෙම සඳහන් කළේය.
දෙරට අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් මේ වන විට නොමැති බැවින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරිය සහ තානාපතිවරයා අතර අදහස් හුවමාරු විය.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බව මෙහිදී තානාපතිවරයා සඳහන් කළේය.
කලාපීය රටවල් වශයෙන් ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

