විදුලි කප්පාදුවට හිටපු ඇමැති සහ විදුලි ඉංජිනේරුවන් වගකියන්න ඕන - චන්ද්‍රිකා

විදුලි කප්පාදුවට හිටපු ඇමැති සහ විදුලි ඉංජිනේරුවන් වගකියන්න ඕන - චන්ද්‍රිකා

දැන් මතුව ඇති විදුලිබල අර්බුදයට යහපාලන ආණ්ඩුවේ හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාද වගකිව යුතුව ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මාධ්‍ය කල විමසුමකදී ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සදහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව LNG බලාගාර 4ක් ඉදිකිරීමට ආයෝජකයන් ඉදිරිපත් වූ බවත් ඇතැම් බලාගාර සදහා ටෙන්ඩර් පවා නිකුත් කෙරුණ බව තමන් දන්නා බවත් හිටපු ජනාධිපතිනිය පවසා සිටියි.

ඉදිරියේ එන බලශක්ති අර්බුදය විසදීමට මෙම නව බලාගාර ඉදිකිරීමේ වැදගත් කම සම්බන්ධව තමන් ජනාධිපති සහ අගමැති දැනුවත් කල බවත් ඔවුන් ද ඒ සදහා අනුමැතිය පළකර සිටියදී විදුලිබල අමාත්‍යවරයා ඒ ගැන අවශ්‍ය වගකීම ඉටුනොකල බවද ඇය චෝදනා කළාය.

නොරොච්චෝල බලාගාරය ඉදිකිරීමට පළමු අවස්ථාවේ ගිවිසුම් අත්සන් කලේ තම පාලන සමයේ වුවත් මහින්ද පාලනය ඒ ගිවිසුම පොඩිකර ඊට වඩා දෙගුණයක් වියදම් කර නව ගිවිසුමක් අත්සන් තැබූ බවත් ඒ මුදල් ගියේ කාගේ සාක්කුවට දැයි තමන් විමසන බවද පැවසුවාය.

මෙහිදී LNG බලාගාර ඉදිකිරීමට ඇතැම් විදුලි ඉංජිනේරුවන් අකමැති බවත් ඔවුන් කැමති හැකිතාක් ඩීසල් බලාගාර හරහා විදුලිය ගැනීමට බව පැවසූ හිටපු ජනාධිපතිනිය ඒ ඩීසල් බලාගාර හරහා විදුලිය ගැනීමේදී ලැබෙන කොමිස් නිසා බවද අවධාරණය කර සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න