එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායකගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29) අභාවප්‍රාප්ත වූවාය.
1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූයේද ඇයයි.
ඇයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජයගත්තාය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ වරුණි තාරුකා මහත්මියගේ මව වූ වජිරා ශ්‍රීමති දිසානායක මිය යන විට 77 වැනි වියේ පසුවූවාය.
ශ්‍රීමතී දිසානායක මහත්මියනි, ඔබට නිවන් සුව !
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
