මාකදුරේ මධූෂ් ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් !

මාකදුරේ මධූෂ් ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් !

ඩුබායිහීදී අත්අඩංගුවට ගනුලැබූ පාතාල නායක මාකදුරේ මධූෂ් සම්බන්ධව ඉදිරි විමර්ශන සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් ප්‍රධානීන් 7 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ මාකදුරේ මධූෂ් ඩුබායි බලධාරීන් විසින් මෙරටට පිටුවහල් කරනු ඇති බවට ලැබී ඇති විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පදනම් කරගෙනය.

ඒ අනුව පත්කර ඇති විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායම මෙසේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී සී ධනපාල

කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා

විනය හා කල්ක්‍රියා සහ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඒ කේ ඩී යූ හේමන්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න