පොහොට්ටුවේ කුඩා පක්ෂවල බලය : ගෝඨා පාර්ශවය අල්ලාගෙන !

පොහොට්ටුවේ කුඩා පක්ෂවල බලය : ගෝඨා පාර්ශවය අල්ලාගෙන !
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  නිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බව සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. 
 
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය 6 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාර දී තිබෙන බව ද සන්ඬේ ටයිම්ස් පුවත් පත සහතික කරයි.
(උපුටා ගැනීම අවසන් )
පොහොට්ටු ප්‍රතිචාරය !
 
කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබලයකු සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් ව ඇතත් තමන් දැනුවත්ව  ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
 
තම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කුඩා පක්ෂ කිහිපයක අවශ්‍යතාව අනුව සිදුනොවන බවත් මේ වන විටත් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අදාල තීන්දුව ගැනීමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවරා ඇති බවත්,  තීන්දුවක් ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන දැනුම්දීම අනුව බවද ඔහු පවසයි.
 
විමල්ගේ කැමැත්ත අදාල  ඔහුගේ පක්ෂයට විතරයි !
 
කෙසේ වුවත් විමල් වීරවංශ ඇතුළු පිරිසක් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ගෙනයන ප්‍රචාරය ගැනද විමසනු ලැබිණ.
 
එහෙත් ඔහු ඊට සදහන් කර සිටියේ විමල් වීරවංශ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන බවත් එනිසා ඔහුගේ කැමැත්ත අදාල වන්නේ ඔහුගේ පක්ෂයට මිස තම පක්ෂයට නොවන බවය.
 
තවද කුමන කැමැත්තක කවුරු සිටියත් ඒ සියලු දෙනා පක්ෂයේ පොදු තීන්දුවට එකගතාවය දැක්විය යුතු බවත් එසේ නොමැතිව කල්ලි කණ්ඩායම් ගැසුන හොත් ඒ කිසිවෙකුට පක්ෂය තුල සිටීමට නොහැකි වනු ඇති බවද ඔහු සදහන් කරයි.
 
සිරිසේනට දුන්න පොරොන්දු ගැන දන්නේ නෑ! 
 
මෙහිදී  ඔක්තෝබර් 26 දේශපාලන වෙනස්වීම අවස්ථාවේ ජනාධිපති සිරිසේන වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇති බවට ශ්‍රිලනිප ය සිදුකරන ප්‍රකාශය ගැන ද විමසනු ලැබිණ.
 
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ එවැනි පොරොන්දුවක් ගැන කිසිදු නිල දැනුම්දීමක් මෙතෙක් පක්ෂයට නැති බවත් එබැවින් ඒ ගැන දැනට ඇත්තේ ශ්‍රිලනිප ය කරන ප්‍රකාශ පමණක් බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න