ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ වාර්තාව හා තමන්ගේ අදහස් පළකිරීම් සම්බන්ධයෙන් , ජිනීවා සිට පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ලංකාවේ දී කර ඇති ප්‍රකාශය කරුණු විකෘති කරමින් හා වැරදි අර්ථකථනයක් ලබාදෙමින් කර ඇති එකක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ හා ප්‍රකාශවල වැරැදි සහ අඩුපාඩු රැසක් තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.
ආණ්ඩුකාරවරයාගේ එම ප්‍රකාශ නිවැරැදි නොවන බවත් එක්කෝ මාධ්‍ය විසින් එම ප්‍රකාශ වැරැදි ලෙස අර්ථකථනය කර ඇති බවද ඇය සදහන් කර ඇත.
තමන් ශ්‍රීලංකා නියෝජිත පිරිස අතර සිදුකළ සාකච්ඡාව උඩුයටිකුරු කිරීම සම්බන්ධයෙන් තමන්ට දැඩි කලකිරිමක් ඇති බවද ඇය සදහන් කර ඇත.
මානව හිමිකම් කවුන්සලයේ යෝජනා 30/1(2015) සහ 31/1 (1917) ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙත සහය දැක්වීමට ඇය සහ ඇගේ කාර්‍යාලය කැපවී සිටින බවත් ,මානව හිමිකම් කවුන්සලයේ තවත් යෝජනාවක් වන 40/1 මගින් මීට සිව්වසරකට පෙර පිළිගත් , කළයුතු කැපවීම් සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට තවත් වසර 2ක කාලයක් ලබාදී ඇති බවත් එහි සදහන් කර ඇත.
(අනිද්දා )

