අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරය අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බරපතල විරෝධයක් එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිදුකරන එම විරෝධය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාමටද දුෂ්කර තත්ත්වයක් මතුව ඇත.
එසේම ඊයේ පැවති පක්ෂ නායක හමුවේදී අද දිනයේ පාර්ලිමේන්තුව රැස් කරන අවස්ථාවේ බැඳුම්කර වාර්තාව ඇතුළුව බරපතල වංචා සහ දුෂණ සම්බන්ධව පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අවසන් කළ වාර්තා 34 සභාගත කරන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබුණත් අද දිනයේ එම කිසිඳු වාර්තාවක් සභාගත කර තිබුණේ නැත.
එම ඉල්ලීම පාර්ලිමේන්තුවේ සභානායක වෙනුවෙන් සභානායක ලේකම් විසින් ජනාධිපති ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබිණ.
ඊට අදාළ ප්‍රතිචාරය කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ එම වාර්තා තවත් සතියක පමණ කාලයකින් පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවය.

