පොහොට්ටුවේ වීර ක්‍රියාවක් : රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක් අවුරුදු කාලා හමාරයි !

පොහොට්ටුවේ වීර ක්‍රියාවක් : රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක් අවුරුදු කාලා හමාරයි !

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක පමණ වැටුප් හා දීමනා ගෙවීමේ අර්බුදයක් මතුව ඇති බව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර අද (31) ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමක්ද සිදුවිය.

ඒ අනුව මතුව ඇති තත්ත්වය සම්බන්ධව අමාත්‍යවරයාගේ කරුණු පැහැදිළි කිරීම පහත දැක්වේ.

2019 මාර්තු 28 වන දින අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැය ශීර්ෂ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පක්‍ෂ නායකයන් ගෙන තිබු තීන්දුවට පරිබාහිරව හදිසියේ පරාජය කිරීමෙන් බරපතල ගැටලු ඇති වේ.

නමුත් එම අවස්ථාවේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සම්මත වු අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගණනාවකද වැය ශීර්ෂ සම්මත වෙමින් තිබුණ අවස්ථාවේදී හදිසියේ බෙදීමක් ඉල්ලා සිටීම නිසා පළාත් 09 ක පළාත් පාලන ආයතන 341 ක අප්‍රේල් මස 05 වෙනිදායින් පසු වැඩ අවසන් කර ඇති වැඩකටයුතු සහ වැඩ කෙරෙමින් පවතින වැඩවල අත්තිකාරම් මුදල් සහ කිසිදු මුදලක් ගෙවීමට නොහැකි වේ.

එපමණක් නොව සිංහල හින්දු අලුත් අවුරුද්ද පවතින මේ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ ලක්‍ෂ 5 ½ ආසන්න රාජ්‍ය සේවකයින් පිරිසකට ඔවුන්ගේ වැටුප් හා දීමනා ගෙවීමද බරපතල ගැටලුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් විසින් ඇද දමා ඇත.

ඒනිසා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඒවා සම්මත කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. එසේ සම්මත කිරීමට නොහැකි නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට බලය හිමි ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ පළාත් සභාවල ක්‍රියාකාරිත්වය ඔවුන් විසින්ම බිද දැමීම පුදුමයට කරුණකි. එමනිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් එය නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කළ යුතුව ඇත. එසේ කටයුතු නොකරන්නේ නම් ඔවුන් බලය සතු සියලු ආයතන වල ක්‍රියාකාරිත්වයන් ඇණහිටීමට ඔවුන් විසින්ම කටයුතු කිරීම පිළිබඳ එහි වගකීමද ඔවුන් විසින්ම දරාගත යුතුව ඇත.

පොහොට්ටුවේ අවස්ථාවාදී ක්‍රියාව !

ඉතිහාසයෙත් විවිධ අවස්ථාවල වැය ශීර්ෂ පරාජය කර ඇතත් එයින් ආණ්ඩුවල කිසිවක් සිදුවුයේ නැත. මේ අවස්ථාවේ එය බැරෑරුම් ප්‍රශ්නයක් වන්නේ වෙනදා අයවැය ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මාසයේ වුවත් මෙවර අයවැය ඉදිරිපත් වෙන්නේ සිංහල හින්දු අවුරුදු සමයේ බැවිනි. එබැවින් මෙවැනි අවස්ථාවක එවැනි දෙයක් සිදුවු විට මාස කිහිපයක් වැටුප් නොලැබීමෙන් සිදු වන්නේ අහිසංක රාජ්‍ය සේවකයන්ට සහ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවයකර මුදල් ලබාගැනීමට සුදානම්ව සිටින පිරිස් වලට සිදු කරන ලද බරපතල ඛේදවාචකයකි. එය නිවැරදි කිරීමද ඔවුන් විසින්ම සිදු කළ යුතුව ඇත.

වි‍ශේෂයෙන් දකුණු පළාත් සභාවේ මේ දිනවල කඩිමුඩියේ දෙනු ලබන පත්වීම්වල කිසිදු වලංගුතාවයක් නොමැති අතර එම පත්වීම් ලබාදෙන නිලධාරින්ටද මේ අවස්ථාවේ ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බව මතක් කරමි. විශේෂයෙන් පරණ දින යොදා පත්වීම් ලබාදුන්නත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සොයා බලා කටයුතු කිරීමට සිදුවනු ඇත.

මෙම ක්‍රියාවලියෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමස්ථ කාර්යා මණ්ඩල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමස්ථ කාර්ය මණ්ඩල, සියලුම ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ අනිකුත් නිලධාරීන් ඇතුළුව පළාත් 09 ක පළාත් පාලන ආයතන 341 ක ක්‍රියාකාරිත්වය අඩපණ කොට ඇත. එහි වගකීමද ඔවුන් විසින්ම භාරගෙන එය නිවැරදි කිරීමද ඔවුන් විසින්ම ක්‍රියාකළයුතුව ඇත. ඒ ගැන අප රජයේ කණගාටුවත් කනස්සල්ලත් සියලු රාජ්‍ය සේවකයන්ට ප්‍රකාශ කරන අතර සියලු පළාත් පාලන නියෝජිතයන් ඒ සඳහා බලකර එය නිවැරදි කිරීමට පියවර ගනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාස කරමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න