ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැති ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේදීය මහ නායක හිමිවරුන්ට අසුන් පනවා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ද විරෝධය පළකරයි.
එම සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමියන් පවසන්නේ එදින තුන් නිකායේ මහ නායක හිමිවරුන්ට සම අසුන් පැනවූ වූයේ නම් ඉතා අගනා වන බවයි.
එදින රටට ප්‍රදර්ශනය වූයේ බෞද්ධ දර්ශනය තුළ නැතැයි කියා ප්‍රකාශ කරන නිකාය භේදය හා කුල භේදය නැතිනම් රඳලවාදයදැයි නොදන්නා බව උන්වහන්සේ කියා සිටිති.
එම උත්සවයේ වටිනාකම මෙම වෙනස මගින් වූ හෑල්ලු වූ බව ද පවසන උන්වහන්සේ මෙය බුදු දහමේ උගන්වන සමානාත්මතාවය නොවන බවද පෙන්වා දෙයි.
මෙරට නිකායන් ඇත්තේ තුනක් පමණක් බවත් එම නිකායන් තුළ පාර්ශව තිස් දෙකක් ඇති බවත් සියළු නිකායන්ගෙන් වයෝවෘද්ධම මහනාහිමියන් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපාන ප්‍රේමසිරි හිමියන් බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් ඊළඟට කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නාහිමියන් වයසින් වැඩි බවද පෙන්වා දෙයි.
මෙම නාහිමිවරුන් දෙනමට එදින අසුන් පනවා තිබුණේ පහත ආසන බවත් එය අද මේ රටේ සංඝ සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති බවත් කියා සිටී.
ඉදිරියේදී මේ පිලිබදව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ කිතාව සමගින් සාකච්ඡා කර ක‍්‍රියාමාර්ග ගන්නා බවත් උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරයි.

