යොවුන්පුරය 10 වන අදියර හම්බන්තොට, වීරවිල පශු සම්පත් මණ්ඩල භූමියේදී පසුගිය මාර්තු මස 27 වැනිදා ආරම්භවූ අතර අතිසාර්ථක දින පහක පැවැත්මෙන් පසුව එය ඊයේ (31) දිනෙන් අවසන් කෙරිණ.
මෙවර යොවුන්පුරය යෞවන සමාජ තරුණ තරුණියන් 8000 ක පිරිසක් සහභාගී වූ අතර ඊට විදෙස් තරුණ තරුණියන්ද පැමිණ සිටියහ.
වසර 27 ට පසු නැවත ආරම්භකළ යොවුන්පුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම මත, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ නායකත්වයෙන් 2016 වසරේදී ආරම්භ කෙරුනි.
සිගීරිය, ත්‍රිකුණාමලය, නිකවැරටිය යන ප්‍රදේශවල 2016, 2017 සහ 2018 යන වර්ෂවලදී මෙය මිට පෙර පැවැත්වුණු අතර මෙවර වීරවිල පැවතියේ සිව්වැනි වරටය.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ සංකල්පයක් මත, මෙවර දසවන යොවුන්පුරයට සමගාමීව රුක්රෝපණ ව්‍යාපෘතියක්ද ක්‍රියාවට නැංවිණි. ඒ අනුව ගෘහස්තව වගාකළ හැකි පැල 2500 ක් වීරවිල සහ ඒ අවට ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කොටගනිමින්
රෝපණය කිරීමද යෝවුන්පුර දෙවැනි දිනයේදී (28) සිදුකරනු ලැබිය.
මෙවර යොවුන්පුරයට සමගාමීව හමබන්තොට දිස්ත්‍රික්කයට ලක්ෂ 3500 ක සංවර්ධන ව්‍යාපෘති ලබාදීමක්ද සිදුවිය. ඒ අනුව එහි සිව්වන දිනය වූ 30 වැනිදා වීරවිල යොවුන්පුර පරිශ්‍රයේදී ඉහත වටිනාකමින් යුතු ව්‍යාපෘතීන් සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව හම්බන්තොට තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනයට ජාත්‍යන්තර තත්වයේ ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් ඇතිකිරීම මෙන්ම ඉදිරියේදී තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමද මේ යටතේ සිදුවනු ඇත.
මෙහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ අගමැතිතුමාගෙන් ලොකුම පංගුවක් හම්බන්තොටට ලබාගැනීමට හැකිවූ බවත් ඒ සම්බන්ධව තම හෘදයාංගම ස්තූතිය අග්‍රාමාත්‍යතුමාට පිරිණමන බවත්ය.
එසේම ඉහත ව්‍යපෘති සඳහා අවශ්‍ය මුදල් අග්‍රාමාත්‍යතුමා ලබාදී ඇති අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා මාස 18 කින් පමණ ඉදිකිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සභාව අමතමින් කියා සිටියේ දකුණ ගැන කතාකිරීමට බොහෝ පිරිසක් සිටියද නිසි ලෙස දකුණු ප්‍රදේශය සංවර්ධනය කිරීමට කිසිවෙකුත් කටයුතු නොකළ බවයි. එසේ උවත් රජරට යුගයෙන් පසු නැවතත් වත්මන් පාලන සමය තුලදී දකුණු ප්‍රදේශය දියුණු කිරීම මේවනවිට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
එදින සන්ධ්‍යාවේ පැවති යොවුන්පුරය අවසන් කිරීමේ උත්සව අවස්ථාව අමතමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ තරුණ තරුණියන් වෙත කියා සිටියේ තමන්ට කතා කිරීමට අවශ්‍ය නැති බවත් තරුණ තරුණියන්ගේ හඬට තවදුරටත් සවන්දීම තම අපේක්ෂාව බවය. එසේම මේ තමන් සභාපතිවරයා ලෙස සහභාගීවන අවසන් යොවුන්පුරය මෙය බවද ඔහු සඳහන්කළ අතර ඒ පිලිබඳ තරුණ තරුණියන් සිය කනස්සල්ල ප්‍රකාශය කරන අයුරුදුද දැකිය හැකි විය.
මෙසේ ශ්‍රී ලාංකීය යෝවුන්පුර වංශ කතාවේ සුවිශේෂී සහ සාර්ථක 10 වැනි යෝවුන්පුරය 2019 මාර්තු 31 වැනිදා අවසන් වූ අතර ඉන් අනතුරුව එම භුමිය පිරිසිදු කිරීමද ඊට එක්වූ තරුණ තරුණියන් විසින් සිදුකරනු ලැබීය.

