මල්වතු හා අස්ගිරි පාර්ශව විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාට විශේෂ ගෞරවයක් ලබාදුන් බවත් ඔහුගේ චරිතය සහ සේවය විග්‍රහ කරමින් අද මෙම ගෞරවය පිරිනැමීම සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තම පියාගේ අඩිපාරේ යමින් විශාල සේවයක් සිදු කරනු ලබන අතර ඔහු ආදර්ශය ලෙස සළකන දිවංගත රණසිංහ පේර්මදාස මැතිතුමන් කළ සේවය ගැන සිහිපත් කිරීමේදී කතරගම හා මාලිගාවිල පුදබිම් පමණක් නොව කොළඹ පැවැත්වෙන ප්‍රධාන පෙරහැරක් වන නවම් පෙරහැරද එතුමා විසින් ආරම්භ කළ බව අමතක නොකළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත මල්වතු අස්ගිරි පාර්ශවයෙන් පිරිනැමුණු "ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
දිවංගත රණසිංහ පේර්මදාස මැතිතුමා රටට කළ සේවය මෙන්ම සජිත් පේර්මදාස මැතිතුමා ද විශාල වශයෙන් නිවාස ලබා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. නිවාස ලබාදීම පිළිබඳව බුද්ධ ධර්මයේ ද සඳහන් වෙනවා. ධම්ම පදය ආරම්භ කරන්නේ ද නිවාස පිළිබඳ සඳහන් කරමිනුයි. එහිදී අපේ ජීවිතය හා තෘෂ්ණාව නම් නිවසට සමාන කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා ඉටු කරන්නේ ජනතාවට අත්‍යාවශ්‍ය නිවාස ලබාදීමයි. නිවසක් නැත්නම් අපට ජීවිතය පවත්වා ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා එතුමාගේ පියානණ් ආරම්භ කළ නිවාස වැඩසටහන සජිත් පේර්මදාස මහතා ඉතා උනන්දුවෙන් ඉදිරියට පවත්වා ගෙන යනු ලබනවා.
සජිත් මැතිතුමා නව ගම්මාන පිහිටුවනවා. ඒ සඳහා මාර්ග සකස් කරනවා. ඒ තුලින් ජනතාවගේ ජීවිත වලට අලෝකයක් මෙන්ම ශක්තියක් ලබා දෙනවා. එසේම එතුමා බුද්ධාගම අමතක කළේ නෑ. සසුනට අරුණ, දහම් පාසල් ඇතුළු චරිතය ගොඩනගන වැඩසටහන් රැසක් සජිත් ඇමතිතුමා විසින් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව සමාජ සේවයක් ලෙස එතුමා විවිධාකාරයෙන් ජනතාවට උදව් උපකාර කරනවා. සමස්ථයක් වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දක්ෂතාවය මත අද මෙම ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.
සජිත් පේ්‍රමදාස මැතිතුමා ඊයේ හම්බන්තොට වීරවිල ප්‍රදේශයට ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් සහ ජාත්‍යන්තර තරුණ සේවා මධ්‍යස්ථානයක් ලබා දුන්නා. මමත් එම අවස්ථාවට සහභාගි වුණා. ඇත්ත වශයෙන්ම සජිත් මැතිතුමාට හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලනය සඳහා තරඟ කළ යුතු නැහැ. එතරම් ප්‍රසිද්ධියක් ඔහුට තිබෙනවා.එතුමා දුප්පත් ජනතාව සමඟ සිටිමින් ඔවුන්ට කරන සේවය අපි අගය කළ යුතුයි. එතුමා ඒ තුලින් රටට ලබාදෙන ආදර්ශය ද මෙම ගෞරව සම්මානය පිරිනැමීමට හේතු වී තිබෙනවා.
ගෞරව සම්මාන පිරිනැමීම රජය විසින් ද සිදු කරනවා. නමුත් ආගමික පාර්ශව විසින් ලබා දෙන ගෞරවය ඊටත් වඩා ඉහලයි. මෙම ගෞරව සම්මාන පිරිනමනු ලබන මල්වතු ශාලාව අපේ රටේ ඉතිහාසයේ කොටසක් ලෙස පැවසිය හැකියි. කීර්තී ශ්‍රී රාජසිංහ රජ සමයෙන් පසු යළි ශාසනය ස්ථාපනය කිරීම, උපසම්පදාව ආරම්භ කිරීම මෙම ස්ථානයේදී සිදු වුණා. සියම් නිකාය විසින් මිහිදු මහ රහතන් වහන්සේ ආරම්භ කළ මහා විහාර සිරිත ඉදිරියට ගෙන යනු ලබනවා.
කාලයක් ක්‍රියාත්මක නොවූ එම සිරිත අපි සියමෙන්් ලබා ගත්තා. එම සියම් නිකාය පොළොන්නරුව යුගය දිඹුලාගල සිට සුකතායි නගරයට ගෙන ගියා. සුකතායි නගරයෙන් පසු අගනගරය වූ අයුක්තියට ගෙන ගියා. පළමුවෙන් විජය රාජසිංහ රජතුමා යටතේ හා දෙවනුව කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා යටතේ ද දූත කණ්ඩායම් අයුක්ති නගරයට ගියා. අපට ලැබී ඇති මෙම මල්වතු අස්ගිරි පාර්ශවය නොහොත් සියම් නිකාය ඇත්ත වශයෙන්ම ඉපැරණි මහා විහාර සිරිතයි. වෙනත් රටක එවැනි ඉපැරණි සිරිතක් ඇතැයි අපිට සිතිය නොහැකියි. ඒ නිසා අපි සියලූ දෙනා මෙම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට කැපවී සිටින බව මහා නායක හිමිවරුන්ට සහ දෙපාර්ශවරයේ කාරක සභා හිමිවරුන් ඉදිරියේ මා ප්‍රකාශ කිරීමට කැමතියි.
රජයක් වශයෙන් සෑම අංශයකම බෞද්ධ කටයුතු දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එබැවින් එම රජයේ සාමාජිකයෙකුට මෙම ගෞරවය ලබාදීම ගැන අපි ආඩම්බර වෙනවා සේම අස්ගිරි මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව මා ස්තුතිය පළ කරනවා.

