වධහිංසා වැළැක්විම පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරු කමිටුව අද (02) ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව වාර්තා වෙයි.
එම කමිටුව 12 දා තෙක් ලංකාවේ රැඳී සිටීමට නියමිත බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ නිදහස සීමා කර ඇතැයි පැවැසෙන තත්ත්වයන් පිළිබඳවත් වධහිංසා වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනිම පිළිබඳව අවධානය යොමුකිරීමට මෙම සංචාරය සිදුකරන බව පැවසේ.
නිලධාරීන් සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ දිවයිනට පැමිණීමට නියමිත අතර ශවුන් රායේ ඉහළ නිලධාරීන්, අදාළ අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සිවිල් සමාජ සංවිධාන සමග ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ස්වාදීන ජාතික වධහිංසා වැළැක්වීම යාබව රණයක් සකස් කිරීම වෙනුවෙන් ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිත බවත් වාර්තා වෙයි.

