අඩුවකින් තොරව විදුලිය දෙන්න : මඩු දේවස්ථානය භාර පියතුමන් ඇමති රවීට ආශීර්වාද කරයි

අඩුවකින් තොරව විදුලිය දෙන්න : මඩු දේවස්ථානය භාර පියතුමන් ඇමති රවීට ආශීර්වාද කරයි

"අපේ රට මේ වනවිට විශාල ගැටළුසහගත තත්ත්වයකයි තිබෙන්නේ. මේ වනවිට පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සීමාවෙලා. ඒකෙන් රටේ ජනතාව විශාල අපහසුවකට පත්වෙන්නේ. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම ආගම් භේදයකින් තොරව, මෙම ගැටළුකාරී වාතාවරණය හැකි ඉක්මණින් නිමාවෙන්න කියලා ප්‍රාර්ථනය කළ යුතුයි. මේ වියළි කාලගුණික තත්ත්වය නිමාවෙලා, රටේ ජනතාවට හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේ විදුලිය සැපයීමේ බාරධූර කාර්යය නිසි පරිදි ඉටුකිරීමට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මැතිතුමන්ට ශක්තිය, ධෛර්‍ය්‍යය ලබාදීලා, එතුමාත් රටත් ආරක්ෂා කරදෙන්න කියලා මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය.

මන්නාරම මඩු දේවස්ථානයේ පවතින විදුලි ගැටළු පිළිබදව සොයාබලා කටයුතු කිරීමට පසුගියදා විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම දේවස්ථානයට ගිය අවස්ථාවේදී, එම දේවස්ථානය භාර දේවගැති, පූජ්‍ය Peppi Sosai පියතුමන් මෙසේ පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක,

අද මේ රටේ තිබෙන මූලිකම ගැටළුව තමයි, ජනතාවට යටිතල පහසුකම් සැපයීම පිළිබදව පෙර සූදානමක්, සැලසුමක් නොතිබිම. ඒ හේතුවෙන් යම් යම් අවස්ථා වලදී ආණ්ඩුවක් වශයෙන් අප දැඩි අපහසුතාවයට පත්වනවා. මේ වකවානුව තුළදීත් රට එවැනි තත්ත්වයකට මුහුණදීලා තිබෙන්නේ. පවතින නියගය හේතුවෙන් විදුලි උත්පාදනයට දැඩි බාධාවන් එල්ල වෙලා තිබෙනවා.

පසුගිය වකවානුව තුළ සැලසුම් සහගත ක්‍රියාපිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් ඇතිවූ මෙවැනි තත්ත්වයන් යළිත් ඉදිරියේදී ඇති නොවන පරිදි, දැන් අපි සැලසුම් සහගතව කටයුතු කළයුතුයි. ආගම් භේදයකින් තොරව, මේ අර්බුදකාරි අවස්ථාවේ අපි සියලු දෙනාම එක්වි පවතින වියළි කාලගුණික තත්ත්වයට පිළියම් සෙවිය යුතුයි. මම මඩු දේවස්ථානයේ පියතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වය වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ වගේම මඩු දේවස්ථානයේ මෙන්ම ඒ අවට ප්‍රදේශයේ පවතින විදුලි අඩුපාඩු සොයා බලා, ඒවා හැකි ඉක්මණින් සම්පූර්ණ කරන්න මම අවශ්‍ය කටයුතු සිදු කරනවා යැයි පැවසිය.

{gallery}ravi-madu{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න