තොරණ තහනම බොරුවක් : ෆේක් නිව්ස් ගැන අවධානයෙන් ඉන්න - ඇමැති රවී

තොරණ තහනම බොරුවක් : ෆේක් නිව්ස් ගැන අවධානයෙන් ඉන්න - ඇමැති රවී

විදුලිය ඉතිරි කරගැනීමට වෙසක් මාසයේ තොරණ ඉදිකිරීම තහනම් බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අදාල පුවත සම්බන්ධව සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.

එසේම ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් අමාත්‍ය වරයා ලෙස තමනුත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වන බවත් අප්‍රේල් මස 10 සිට මෙම අර්බුදයට විසදුමක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම සාවද්‍ය පුවත් වාර්තා කරමින් ජනතාව නොමග යවන බලවේග ගැන ජනතාව අවබෝධයක් ඇතිව සිටිය යුතු බවත් ආගම දේශපාලනය පටලවා වාසි ගන්න උත්සාහ දරණ එම පාර්ශවයන්ගේ අපේක්ෂාව වන්නේම ජනතාව වඩවඩාත් දුශ්කරතාවට පත්වීම බවද වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න