සැක කටයුතුයි : ගෝඨා එරෙහි TID ලිපිගොනු අගමැති කාර්යාලයට !

සැක කටයුතුයි : ගෝඨා එරෙහි TID ලිපිගොනු අගමැති කාර්යාලයට !
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරීමත් සමග ඊට පාදකවී ඇති ලිපිගොනු අගමැති කාර්යාලය වෙත ලබාදෙන ලෙස ප්‍රභූ කාන්තාවක් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID ) වෙත දැනුම්දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
අගමැතිවරයාගේ සමීපතම ඥාතිවරියක වන අදාල කාන්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ සැකයට හේතුවී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය විසින් වද හිංසාවට ලක්වූවෙකු රෝයි සමාදානම් නමැති දෙමළ ජාතිකයෙකු වෙනුවෙන් මෙම නඩුව පවරා තිබේ.
 
රෝයි සමාදානම් නමැත්තා කැනේඩියානු දෙමළ ජාතිකයෙකු බවද 2007 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය  විසින් ඔහු රඳවාගෙන ඔහුට කායිකව හා මානසිකව වද හිංසා සිදු කර ඇති බවද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.
 
මෙම වකවානුවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පැවතියේ ගෝඨාභය රාජපක්ෂගේ ඍජු අධීක්ෂණය යටතේ බවද අදාළ නිවේදනයේ සඳහන්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න