ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් අද (09) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ට දැනුම්දී ඇත.
ජනාධිපති සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ට එරෙහි නඩුව අද කැඳවු අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
නාලක ද සිල්වාට රිමාන්ඩ් නොකිරීමට පරිවේෂණ සහිතව ලබන නඩු වාරයේදී අදාල සාක්කි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ අතර එදිනට ඔහු මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
සැකකාර නාලකද සිල්වා ලබන 23 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

