අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා - ඇමැති රවී

අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා - ඇමැති රවී

අපි කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මම බාරගත්ත දවසේ පටන්ම මම කියන්නේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. මෙතෙක් කාලයක් විදුලිබල මණ්ඩලය රැකගෙන ගිහින් තිබෙන්නේ ගෘහස්ථ අංශය නිසා. මට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, එහි වාසිය අහිංසක ජනතාවට ලබාදෙන්නයි. පුළුවන්නම් විදුලි බිල 2021 වන විට අඩු කරන්න උත්සාහ කරනවා. කෙසේනමුත් ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, වර්තමාන විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව අද (08) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මම වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා. හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා.

ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්. අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා.

නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා. එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ.

පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා. මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ" යැයි පැවසීය.

{gallery}ravi_megavot{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න