ප්‍රබල දේශපාලනඥයකුගේ පුතාට දෑවැද්දට : නීති විරෝධී විදුලි බලාගාරයක් !

ප්‍රබල දේශපාලනඥයකුගේ පුතාට දෑවැද්දට : නීති විරෝධී විදුලි බලාගාරයක් !

මෙරට ඉහළම දේශපාලකයකුගේ සහ විදුලිබල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ ගේ මැදිහත්වීම මත නීති විරෝධී ආකාරයට ස්වාභාවික විදුලි බලාගාරයක් ඉදිකිරීමට කොරියානු සමාගමකට පැවරීමේ සූදානමක් සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව අනාවරණය කරන අතර නුදුරු දිනකදී විවාහ වීමට සිටින මෙම දේශපාලකයාගේ පුතාගේ අතිනත ගනු ලබන්නේ මෙම කොරියානු සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයා වන ලංකාවේ ප්‍රමුඛ සමාගමක හිමිකරැගේ දියණිය බවත් ඒ අනුව මෙම නව යුවලට දෑවැද්ද ලෙස දෙනු ලැබීමට නියමිතය ඇත්තේ මෙම බලාගාරය බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

2014 වසරේ සිට කිසිදු විදුලිබලාගාරයක් මෙරට ඉදිකිරීමට කටයුතු නොකල නිසා හා වෙනත් බල ශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල අමාත්‍යාංශයෙන්ම බාධා කල නිසා සති තුනක කාලයක සිට පැය දිනකට පැය ගණනක් අදුරේ සිටීමට අප රටේ ජනතාවට සිදුවිය.

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අදූරදර්ශී කියාකලාපය නිසා ඇති වූ එම විදුලි අර්බුදය විසදා ගැනීමට යැයි කියා විවිධ උපාය අනුගමනය කිරීමට යන නිසා කලදුටු කලවල ඉහගැනීමට කටයුතු කරමින් සිටින මෙරට ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් රාශියකි.

ඉන් එකක් වන්නේ මීට මාස ගණනකට පෙර කොරියානු රජයේ සමාගමක් බව පවසමින් මෙරට ස්භාවික විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රයක් අනුව එම විදුලි බලාගාරය ඉදිකිරීම සදහා උක්ත සමාගමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටීමයි.

එම සමාගම කොරියානු සමාගමක් බවට කොරියානු තානාපතා කාර්යාලය විසින් සහතික කලද එම සමාගම කොරියානු රජයේ සමාගමක් බවට සහතිකයක් නිකුත් කොට නැත.

ඒ අනුව අදාල කැබිනට් පතිකාව මගින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාවන සූරසේන බටගල කැබිනට් මණ්ඩලයම නොමග යවා ඇත. තවද උක්ත සමාගම කිසිදු පළපුරැද්දක් නොමැති සමාගක් බව අප කල විමර්ශණයකදී හෙළිවී ඇත.

එම සමාගමට මෙම බලාගාරය ඉදිකිරීම සදහා අවසර ලබා දීමට කටයුතු කිරීම පිටුපස එක දවසට එක බොරැවක් කියන බවට ජනතාව අතර පසිද්ධියක් උසුලන පබල දේශපාලකයාද සීටී.

නුදුරු දිනකදී විවාහ වීමට සිටින මෙම දේශපාලකයාගේ පුතාගේ අතිනත ගනු ලබන්නේ මෙම කොරියානු සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයා වන ලංකාවේ ප්‍රමුඛ සමාගමක හිමිකරැගේ දියණියයි. ඒ අනුව මෙම නව යුවලට දෑවැද්ද ලෙස දෙනු ලැබීමට නියමිතය ඇත්තේ මෙම බලාගාරයයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න