අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය වැටුපෙන් සහ ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ දේපළ හිමිකාරීත්වය දැරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අධිචෝදනා බාරදී ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති අතර අදාළ අධිචෝදනා පත්‍ර මන්ත්‍රීවරයා වෙත බාරදෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින්ය.
එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා දෙදෙනෙකුගේ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමටද විනිසුරුවරයා නියෝග කළ අතර එළඹෙන 19 වනදා යළිත් අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝගකර ඇත.
කෙසේ වුවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ අදාළ චෝදනා සමබන්ධව තමන් නිවැරදිකරු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
