නීතිඥ සංගමයේ සභාපතිකම නැවතත් නීතිඥ යූ.ආර්.ද.සිල්වාට

නීතිඥ සංගමයේ සභාපතිකම නැවතත් නීතිඥ යූ.ආර්.ද.සිල්වාට

ජනාධිපති නීතිඥ යූ.ආර්.ද.සිල්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා නිතරගයෙන් තේරී පත්ව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඊයේ (10) නාමයෝජනා භාරගෙන ඇති අතර එහිදී කිසිඳු නාමයෝජනාවක් හෝ විරෝධතාවක් ඉදිරිපත් නොවීම හේතුවෙන් හිටපු සභාපතිවරයා මෙසේ නිතරගයෙන් පත්ව ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයාගේ පත්වීම අද (11) ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී අතිරේක සොලෝටර් ජනරාල් දප්පුල ලිවේරා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව යූ.ආර්.ද.සිල්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 42 වන සභාපතිවරයාව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න