මන්ත්‍රී ධුරයක් නැති ජී.එල් ට ඕන දෙයක් කියවන්න පුළුවන් : අමරවීර අවි අමෝරයි !

මන්ත්‍රී ධුරයක් නැති ජී.එල් ට ඕන දෙයක් කියවන්න පුළුවන් : අමරවීර අවි අමෝරයි !

සිරිසේන ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන දිනය 2020 ජුනි 21 වනදා බවට මතයක් පවතින බවටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා කර තිබුණු ප්‍රකාශය ජී. එල්. පීරිස් විසින් විවේචනය කිරීම සන්ධාන සාකච්ඡාවලට සම්පූර්ණ බාධාවක් ලෙස තමන් දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ඊයේ (11) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කල අතර තම පාර්ශවය මේ ප්‍රකාශ හමුවේ ඉවසීමෙන් කටයුතු කරන බවත් පැවසීය.

ජී. එල්. පීරිස් මහතාට අද දේශපාලන ක්ෂේත්‍රය තුළ මන්ත්‍රී ධුරයක් නොමැති නිසා විවිධ දේවල් පැවසිය හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තම පාර්ශ්ව දෙක එක් වුණොත් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත් වෙන් වුණොත් අනිවාර්යයෙන්ම පරාජය වන බවත් පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න