සිරිසේනට නැවත එජාපයෙන් අපේක්ෂකත්වය නෑ - අජිත් පී. පෙරේරා

සිරිසේනට නැවත එජාපයෙන් අපේක්ෂකත්වය නෑ - අජිත් පී. පෙරේරා

ජනාධිපති සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂක ධුරය ඉල්ලුවහොත් ලබා නොදෙන බවත්, නැවත වරක්‌ ජනාධිපති වීමට ඔහුට කිසිදු සුදුසුකමක්‌ නැති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට්‌ නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවසීය.

අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර එක්‌සත් ජාතික පක්‍ෂයට සහාය දැක්‌වීමට සිරිසේන මහතා කැමැත්තක්‌ දක්‌වන්නේ නම් ඔහුට ඒ සඳහා අවස්‌ථාව ඇතිමුත් කිසිම විටෙක ඔහුට යළිත් ජනාධිපති අපේක්‍ෂක ධුරයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ලබා ගැනීමට ඉඩ නොදෙන බවද කීවේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08 දා අවසන් වන බව පැහැදිලි කරුණක්‌ව තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට යන්නේ ජනතාව අතර කුතුහලයක්‌ ඇති කිරීමට බව කී අමාත්‍යවරයා නව අගවිනිසුරුවරයා පත්වීමෙන් පසුව එම මත විමසීම සිදු කරන බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීම තුළින් අධිකරණයට බලපෑමක්‌ සිදු කර ඇති බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න