සිරිසේනගේ අලුත්ම ගැසට් එක මෙන්න !

සිරිසේනගේ අලුත්ම ගැසට් එක මෙන්න !

ජනාධිපති සිරිසේනට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ජනාධිපති සිරිසේන විසින් අද (12) නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පවරාදීම කර තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ අතර ඉකුත් දෙසැම්බර් 28 වැනි දා ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න