ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ආචාර්යවරයෙක් !

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ආචාර්යවරයෙක් !

20 වන සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු නම් කිරීමට එම පක්ෂයේ සාකච්ඡාවක් තිබෙන බවය.

මේ පිළිබඳ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් තවමත් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.

කෙසේ හෝ එම ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න