සිරිසේන ආණ්ඩුව පුපුරවන්න යද්දී : ශ්‍රීලනිපයේ තවත් දරුණු බෙදීමක් !

සිරිසේන ආණ්ඩුව පුපුරවන්න යද්දී : ශ්‍රීලනිපයේ තවත් දරුණු බෙදීමක් !

2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 අතර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර යළිත් වරක් ආණ්ඩුව පෙරළීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය සැලසුම් කීපයක් දියත් කරමින් සිටින බව රාවය පුවත්පත වාර්තා කර ඇත.

ඉන් එක් සැලසුමක් වන්නේ එජාප ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප පිරිසද එජාප පිරිසක් ද එක් කරගෙන 113ක බහුතර බලය පෙන්වා ආණ්ඩුව වෙනස් කිරීමය. එවැනි අවස්ථාවක අරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයෙන් තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකුද මුස්ලිම් කොංග්‍රසයේ මෙන්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබාගත හැකි වනු ඇතැයි ඇතැම් උපදේශකයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි ද එහි සඳහන්ය.

ශ්‍රීලනිපයේ තවත් විකල්ප කණ්ඩායමක් !

ජනාධිපති සිරිසේන සිය උපදේශකයන් සමඟ මෙසේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමට සැලසුම් කරමින් සිටියත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රීලනිප අභ්‍යන්තරයේ තවත් බෙදීමක් සිදුවෙමින් තිබෙන බවය.

පක්ෂය නිසිලෙස ප්‍රතිසංවිධානය නොකර ජනාධිපති සිරිසේන විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ නව සන්ධානයක් බිහිකිරීමට එරෙහිව මේ නව බෙදීම හටගෙන තිබේ.

වාර්තා වන ආකාරයට මේ පිරිස "ශ්‍රීලනිප විකල්ප කණ්ඩායම" ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් පක්ෂයේ ජේෂ්ඨයෙකුගේ නිවසේ පසුගියදා පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

එසේම තම පාර්ශවය වැඩිකර පක්ෂ අභ්‍යන්තරයේ ඊට වැඩි බලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් පක්ෂයේ අනෙක් ප්‍රබලයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා පළාත් සභාව නියෝජනය කරන ශ්‍රීලනිප ජේෂ්ඨයකු පත්කර ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න