සිරිසේන - මහින්ද : අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න සූදානම් !

සිරිසේන - මහින්ද : අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න සූදානම් !

සිංහල - හින්දු අලුත් අවුරුද්ද නිමාවත් සමඟ ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද අතර විශේෂ හමුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡා වල ප්‍රගතිය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක්ම මෙම හමුවේදී ගැනීමට නියමිතව ඇත.

එසේම මැයි 09 වනදාට යෙදී තිබෙන ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් වන සිව්වන සාකච්ඡාවට එකී තීරණ දැනුම්දීමට නියමිතව ඇති බවත් දැනගන්නට තිබේ.

මේ වන විටත් ශ්‍රීලනිප - පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා වට තුනක් පවත්වා ඇති අතර කරුණු 25ක එකඟතා ලියවිල්ලක්ද සකස්කර ඇති බවත් දැනගන්නට ඇත. එසේම එම සන්ධාන සාකච්ඡාවේ තෙවන අවස්ථාවේ පැමිණි එකඟතාව අනුව අදාළ කරුණු 25 දෙපාර්ශවයේ දේශපාලන නායකත්ව මණ්ඩල වෙත ඉදිරිපත්කර අනුමැතිය ගැනීමට නියමිතව ඇති අතර එයද මැයි 09 වනදාට පෙර සිදුකිරීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න