පොහොට්ටුවේ මැරයන් එක්ක බෑ : විමලවීර තීන්දුවක් ගන්න යයි !

පොහොට්ටුවේ මැරයන් එක්ක බෑ : විමලවීර තීන්දුවක් ගන්න යයි !

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසන සංවිධායකවරයාගේ ලේකම් ඇතුළු පිරිසක් විසින් පහරදීම පිළිබඳව තම පක්ෂය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තමන් පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

සුදත් දේශප්‍රිය නම් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ (13) අළුයම 1.00ට පමණ කඩාවැදුණු පොහොට්ටුවේම මැර පිරිස තර්ජනය කර තිබුණේ පසුදා උදෑසන 8.00 වන විට ඔහුව සභාපති තනතුරෙන් ද ඉවත් කරන බවද පවසමින්ය.

මීට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ මූලිකත්වයෙන් උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පවසා තිබිණ.

"එහෙම කොහොමද සභාපතිකම් ගලවන්නේ ? පොතුවිල්වලට සංවිධයකයෙක් පත් කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික් නායකයා වෙන මං දන්නෙ නැතුව. දැන් තමුන්නාන්සෙලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. ප්‍රචණ්ඩත්වෙන් තොරව මේ පොහොට්ටුව අපි ගොඩනැඟුවා, දැන් මැරවරයො නම් ඉන්නෙ ඔවුන් එක්ක මේ ගමන යන්න අපි ලෑස්ති නෑ. පක්ෂය ඉදිරි දින කිහිපය තුළ මේ ගැන ප්‍රකාශයක් කරන්නෙ නැත්නම් මං මගෙ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. පැරශුට් කාරයින්ට ඉඩ දෙන්න බෑ"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න