මහින්ද නැකතට බොරු කියා වැඩ අල්ලයි : මෙන්න සාක්ෂි !

මහින්ද නැකතට බොරු කියා වැඩ අල්ලයි : මෙන්න සාක්ෂි !

රජයේ බදු පැනවීම හේතුවෙන් සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ ගිය බවත් තමන් ඊට විරෝධය දක්වන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මීට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද අලුත් අවුරුද්දට නැකතට බොරු කියා වැඩ අල්ලා ඇති බවය.

ඒ හැර උත්සව සමයේ කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක විශේෂ මිල වැඩි වීමක් සිදුනොවූ බවත් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන විට ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල 2014 මිල ගණන් වලටත් පැවති බව ඔහු පැවසීය.

එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීමට හැකියාව ලැබුණේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා බවත් ඔහු පෙන්වා දෙයි.

තවද ලෝක වෙළෙඳපොළ තුල බොරතෙල් මිල ඉහළ ගිය නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන ජනතාවට සහනයක් සැපයීම වෙනුවෙන් ඉන්ධන මිල පවා ඉහළ නොදැමීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කළ බවත් එවැනි පසුබිමක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනතාව මුලාවේ දැමීමේ අපේක්ෂාව ඇතිව සිදුකරන පහත් ප්‍රකාශ තම ආණ්ඩුව හෙළාදකින බවත් ඔහු සදහන් කර සිටියේය.

පහත දැක්වෙන්නේ 2014 ට සාපේක්ෂව 2019 භාණ්ඩ මිල පවතින ආකාරයයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න