මීලග ජනාධිපතිවරණයට තරග කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව අහිමි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කිරීමට සාකච්චා සිදු කෙරෙහින් ඇති බව ඉරිදා ලක්බිම පුවත්පත වාර්තා කරයි.
එසේ වුවහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් ප්‍රධාන පක්ෂයකද සහයෝගය වෙල්ගම මන්ත්‍රීවරයාට ලැබෙන්නේ යයි පොහොට්ටුවේ ප්‍රධානින් වෙත දන්වා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
ජනාධිපති සිරිසේන, ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද වෙනම තරඟ කල යුතු යයි පොහොට්ටුවේ පිරිස් විසින් තීන්දු කර ඇතැයිද එහි සදහන්ය.
මෙම පුවත ලක්බිම පුවත්පත වාර්තා කර තිබීමත් සමග වෙල්ගම මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හා ඔහුට හිතවාදී ගිණුම්වල එය පල කර ඇත්තේ ඉතා ප‍්‍රිතිමත් උධෘත යොදමිනි.

