ජනාධිපතිවරණය :ගෝඨා පාර්ශවයෙන් TNA අපේක්ෂකයකුට ආරාධනා (VIDEO)

ජනාධිපතිවරණය :ගෝඨා පාර්ශවයෙන් TNA අපේක්ෂකයකුට ආරාධනා (VIDEO)

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයක තරග වැදීම සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයට (TNA) ආරාධනා කරයි.

පොහොට්ටුව ලකුණෙන් යුත් රාජපක්ෂවාදී කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එම ඇරයුම කළේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලට ගොස් සිටියදීය.

තවමත් එක්සත් ජනපද පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සහෝදර හිටපු ජනාධිපතිවරයාගේ “සම්පූර්ණ ආශිර්වාදය යටතේ” ජනාධිපතිවරණයට තරග වදිනු ඇති බවට මන්ත්‍රීවරයා විශ්වාසය පල කළේය.

“අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ සන්ධානය ඉදිරිපත් වෙන්න ඕනේ,” යි ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළෙන් පිටතදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

TNA අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ඡන්ද වැටීම වළක්වාලීමේ අභිප්‍රාය මන්ත්‍රීවරයා වෙතින් පල විය.

එසේ නොකිරීම “එක්සත් ජාතික පක්ෂයට පක්ෂය පාවාදුන්නා වගේ වැඩක්” ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලදී.

මෙම කාරණය සමබන්ධයෙන් 'ගගන' වෙබ් අඩවිය කළ විමසීමකදී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ජනාධිපතිවරණයට දින නියම වූ පසු TNA රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

2015 ජනාධිපතිවරණයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සහතික කිරීමේදී තීරණාත්මක සාධකයක් වුයේ දෙමළ හා මුස්ලිම් ඡන්දයයි.

එම ආරාධනය සම්බන්ධයෙන් සෘජු ප්‍රතිචාරයක් දැක්වීමෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) වැළකී සිටියේය.

දෙමළ කැනඩා පුරවැසි රෝයි සමාදානම්ට වධහිංසා පැමිණවීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි භාර දී තිබුනි.

(gagana.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න