පොලිස් හදිසි ඇමතුම් ඒකකය භාර පොලිස් පරීක්ෂකවරයා පහරකෑමට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පොලිස් හදිසි ඇමතුම් අංශය හෙවත් 119 ඇමතුම් අංකය භාර මිරිහානේ පිහිටි පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාස කාර්යාලයේ දී ඊයේ(18) පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා පවසා තිබේ.
පහරකෑමෙන් පසු පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගතකර ඇති අතර පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට එරෙහිව ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ පොලිස් අධිකාරීවරයා විසින් පරුෂ වචනයෙන් බැනවැදී පහරදෙන අයුරු, පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයේ සටහන්ව ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය

