ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ සන්ධානය තුළ මතභේදයක් මතු නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
සියයට 51 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අපේක්ෂකයෙකු සිය කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද විපක්ෂ නායකවරයා පවසයි.
ඔහු මේ බව සදහන් කර සිටියේ අද (19) නුවරඑළිය වලපනේ මන්දාරම් නුවර ප්‍රදේශයේ සංචාරයකට එක් වූ විපක්ෂ නායකවරයා එහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙසේද සදහන් කර ඇත.
විපක්ෂය තුල මතභේදයක් ඇතිවන්නේ නැහැ. අපේ අවසන් තීරණය ගත්තට පස්සේ. ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා. මේ රටේ ජනතාවට වතුර නැහැ, ජලය නැහැ. අඩුම තරමේ මේ වතුකරයේ ජනතාව ඉල්ලපු රු. 1000 වැටුප අවුරුද්දට කලින් දෙන්න මේ ආණ්ඩුවට බැරි වුනා. අපේ කාලයේ ඉල්ලපු ගැන දුන්නා. දැන් වතුකරයේ ජනතාවට සිතන්න කාලය ඇවිත් තියෙන්නේ.

