පැය 36ක ගමනකින් පසු “රාවණා වන්” චන්ද්‍රිකාව අද(19) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළුවූ බව වාර්තා වෙයි.
රාවණා වන් චන්ද්‍රිකාව රැගත් යානය ඊයේ (18) ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කළ අතර එය අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පෘථිවිය දෙසට පිහිටා ඇති මොඩුලයට සිග්නස් භාණ්ඩ ප්‍රවාහන යානය සමඟ සාර්ථකව සම්බන්ධ වීම සිදුකර තිබේ.
සිග්නස් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ජූලි මස 23 වැනිදා දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටීමට නියමිත අතර එමගින් රැගෙන ගිය රාවණා වන් චන්ද්‍රිකාව ජූනි මස මුල් සතියේ දී එම මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීම සිදුකෙරෙනු ඇත.
රාවනා වන් චන්ද්‍රිකාව තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන ශ්‍රී ලාංකීය ඉන්ජිනේරුවන් දෙදෙනෙකු විසින් නිපදවා තිබේ.


