දෙහිවල සහ දෙමටගොඩත් පිපිරීම් : හදිසි කැබිනට් හමුවක් කැඳවයි !

දෙහිවල සහ දෙමටගොඩත් පිපිරීම් : හදිසි කැබිනට් හමුවක් කැඳවයි !

දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ මහල් නිවාස සංකීරණයකද අද (21) පිපිරීමක් සිදුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

එසේම දෙහිවල ප්‍රදේශයෙන්ද තවත් පිපිරීමක් වාර්තා වී තිබේ.

අද දින 1.45ට පමණ දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

මේ අතර රටේ උද්ගතව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන අද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙහිදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න