ලංකාවේ බෝම්බ පිපිරුම් ගැන විදේශ ප්‍රතිචාර මෙන්න !

ලංකාවේ බෝම්බ පිපිරුම් ගැන විදේශ ප්‍රතිචාර මෙන්න !

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර ඇත.

"ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින," බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.

සිංහල බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද ට්විටර් පණිවුඩ පළ කරමින් ඔහු පවසා ඇත්තේ, "ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින" බවය.

sri lanka 48003545

මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඇය පවසා ඇත්තේ, "කිසිදු පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසය මත බියකට පත් වීමට ඉඩ නොතැබිය යුතු," බවය.

sri lanka 48003545 1

 මේ අතර, බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බවය.

sri lanka 48003545 2

මේ අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ.

sri lanka 48003545 4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න