විශේෂ විමර්ශනයකට : FBI ලංකාවට එයි !

විශේෂ විමර්ශනයකට : FBI ලංකාවට එයි !

පාස්කු ඉරිදා (21) මෙරට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට ඇමරිකානු FBI හී නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

මෙසේ ඇමරිකානු FBI පිරිස මෙරටට පැමිණෙන්නේ අදාල ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස තහවුරුව තිබීමත් ISIS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති පසුබිමකය.

ඒ අනුව දැනටමත් ඇමරිකානු FBI ආයතනය මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත දන්වා ඇත්තේ තම විමර්ශන කණ්ඩායම පැමිණෙන තුරු බෝම්බ ප්‍රහාර එල්ලවු ස්ථාන ඒ ආකාරයකට තබාගෙන සිටින ලෙසය.

එසේම මෙම ප්‍රහාර සම්බන්ධව සිදුකරන ඉදිරි විමර්ශන සදහා ද ඇමරිකානු රජයේ සහය ලබාදීමට සූදානම් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතා දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න