සැකකරුවන් වැමෑරීම අරඹයි : යාපනයේ විශේෂ මෙහෙයුමක් !

සැකකරුවන් වැමෑරීම අරඹයි : යාපනයේ විශේෂ මෙහෙයුමක් !

පාස්කු ඉරිදා එල්ලවු බෝම්බ ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවකුගේ ප්‍රකාශයක් අනූව යාපනය පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම හමුවේ සැකකරුවා සදහන් කර ඇත්තේ කොළඹ නගරයේ පමණක් නොව යාපනය සහ මන්නාරම ඇතුළුව ස්ථාන 27කට එකවර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් තිබූ බවය.

ඒ අනුව ආරක්ෂක අංශ සැකකරන්නේ යාපනය සහ මන්නාරම ප්‍රදේශ ආශ්‍රිත ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් තිබුණේ නම් බෝම්බ මෙන්ම බෝම්බකරුවන් ඒ වන විටත් එම ප්‍රදේශ වෙත ගොස් තිබිය යුතු බවය.

මෙහිදී යාපනය - කොළඹ A9 ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ග බාධක යොදා මෙම විශේෂ මෙහෙයුම දියත් කර ඇති අතර ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ බුද්ධි මෙහෙයුමක් ද දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න