ඊබ්‍රාහිම් ජාතික ලයිස්තුවේ හිටියා : ඒත් පක්ෂයේ නෙවෙයි - ටිල්වින්

ඊබ්‍රාහිම් ජාතික ලයිස්තුවේ හිටියා : ඒත් පක්ෂයේ නෙවෙයි - ටිල්වින්

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බවද පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

21 වන දින සිදුවූ සංවේදී සිදුවීම යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීම පටු දේශපාලන උවමනාවක් සඳහා සිදුකරන දෙයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න