දුපතේ පිපිරීම ජාත්‍යන්තර තලයට: විදෙස් ත්‍රස්ත විමර්ශකයින් ලංකාවට

දුපතේ පිපිරීම ජාත්‍යන්තර තලයට: විදෙස් ත්‍රස්ත විමර්ශකයින් ලංකාවට

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සිදු කළ පිපිරිම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේවනවිට ජාත්‍යන්තර ත්‍රස්ත විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇතිබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම තොරතුරුවලට අනුව අමෙරිකාවේ FBI (Federal Bureau of Investigation) , ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත විරෝධී පොලිස් ඒකකය (Australia anti terror group), ස්කොට්ලන්ඩ්යාඩ් (Scotland Yard) හා ඉන්ටර්පෝල් (INTERPOL) යන ආයතනවල විශේෂඥයින් කණ්ඩායම් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තාවේ.

එම විශේෂඥ නියෝජිතයින් පැමිණෙන තෙක් පිපිරීම් සිදුවූ ස්ථානවල බඩු බාහිරාදිය ඉවත් නොකරන ලෙස එම ආයතන විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සිදු කළ පිපිරිම් සම්බන්ධයෙන් මේවනවිට සුවිශේෂී ජාත්‍යන්තර අවධානයක් යොමුව තිබෙන අතර මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් බාර ගැනීමත් සමග එම තත්වය තවදුරටත් වර්ධනය වී ඇත.

"ක්‍රිස්තියානි සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය," යනුවෙන් අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන අමාක් (AMAK) ඒජන්සිය විසින් නිකුත් කරන ලද බව සැලකෙන නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.

amaranath 500

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න