ජනාධිපති සිරිසේන : පැය 24 ඉවරයි : ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනස කෝ ?

ජනාධිපති සිරිසේන : පැය 24 ඉවරයි : ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනස කෝ ?

පාස්කු ඉරිදා ප්‍රහාරය පදනම් කරගෙන ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ වෙනසක් සිදුකරන බව ජනාධිපති සිරිසේන පැවසූ නමුත් එය සිදුව නැත.

ජනපති සිරිසේන පසුගිය 23වනදා ජාතිය අමතමින් සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශ ඉහළ නිලධාරින්ගේ වෙනසක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ජනපතිවරයා ජාතිය අමතා මේ වන විට පැය 24කටත් වඩා ඉක්මවා ගොස් ඇතත් ආරක්ෂක අංශයන්හි කිසිඳු වෙනසක් සිදු නොවීය.

ඊයේ (24) දිනයේදි ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වා තිබුණත් ඔවුන් දෙදෙනාගේද ඉල්ලා අස්විමක් මේ වන තෙක් සිදුව නැත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න