ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න - ඇමැති රිෂාඩ්

ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න - ඇමැති රිෂාඩ්

ත්‍රස්තවාදය යන්නට ජාති ආගම් පක්ෂ භේදයක් නැති බවත් එය තුරන් කිරීම වෙනුවෙන් ජාති ආගම් පක්ෂ භේදයක් නොමැතිව එකමුතුව කටයුතු කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ඊයේ (24) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සදහන් කල අතර පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සහ ඊට සම්බන්ධ සංවිධාන වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු බවත් පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ කුරානයේ කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදය අනුමත කර නොමැති බවත් සිදුවෙමින් ඇත්තේ ත්‍රස්තවාදය ඉස්ලාම් නමින් පෙනීසිටීම බවත්ය.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ ප්‍රජාව සම්බන්ධව තම බලවත් ශෝකය පළකර සිටින බවත් තුවාල ලබා සිටින ප්‍රජාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න